
එංගලන්ත කණ්ඩායමට ලකුණු 285ක ඉලක්කයක්
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (15) පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 05ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 284ක් ලබා ගත්තා.
ඒ අනුව එංගලන්ත කණ්ඩායමට ජයග්‍රහණය සඳහා හිමිවන ඉලක්කය ලකුණු 285ක් වනවා.
කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.
