
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පිත්ත අතට ගනී
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඕස්ට්‍රේලියාවට එරෙහි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව නායක කුසල් මෙන්ඩිස් තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි.
ලක්නව් හිදී පැවැත්වෙන මෙම තරගය මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 14 වන තරගය වනවා.
