600,000 පමණ පලස්තීනුවන් උතුරු ගාසා තීරයෙන් දකුණට පළා යයි

600,000 පමණ පලස්තීනුවන් උතුරු ගාසා තීරයෙන් දකුණට පළා යයි

ඊශ්‍රායල හමුදා අනතුරු ඇඟවීම්වලින් පසු අවම වශයෙන් 600,000 පමණ පලස්තීනුවන් උතුරු ගාසා තීරයෙන් දකුණට පළා ගොස් තිබෙනවා

ඔක්තෝබර් 7දා එල්ලවූ හමාස් ප්‍රහාරයෙන් ඊශ්‍රායල ජාතිකයන් 1,300ක් පමණ ජීවිතක්ෂයට පත්වුණා

එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය ගාසා තීරයට දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන අතර අත්‍යවශ්‍ය සැපයුම්ද අවහිර කර තිබෙන බව සඳහන්

ගාසා තීරයේ මානුෂීය අර්බුදයක් උග්‍ර වෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

ඊජිප්තු දේශසීමා හරහා ආධාර ප්‍රවාහනය කිරීමට ගත් උත්සාහයන් එතරම් සාර්ථක නොවුණු අතර කෙසේවෙතත් එක්සත් ජනපදය සිවිල් ජීවිත ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය ගැන ඊශ්‍රායල ජාතිකයන් සමග දිගින් දිගටම කතා කරන බවද පවසා තිබෙනවා

Share This