යුක්‍රේනය ප්‍රථමවරට එක්සත් ජනපදය සැපයූ දිගු දුර මිසයිල භාවිතා කරයි

යුක්‍රේනය ප්‍රථමවරට එක්සත් ජනපදය සැපයූ දිගු දුර මිසයිල භාවිතා කරයි

යුක්‍රේනය ප්‍රථමවරට එක්සත් ජනපදය සැපයූ දිගු දුර මිසයිල භාවිතා කර ඇති බව ජනාධිපති Volodymyr Zelensky පවසනවා

ATACMS ලෙස හැඳින්වෙන ආයුධ මගින් රටේ නැගෙනහිර රුසියානු කඳවුරුවල හෙලිකොප්ටර් 9 ක් විනාශ කළ බවයි ඔහුගේ ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වන්නේ

Berdyansk සහ Luhansk ප්‍රදේශවලට එල්ල වූ ඉලක්ක අතර ගුවන් ආරක්ෂක පද්ධතියක් සහ අනෙකුත් උපකරණ ඇති බවයි යුක්‍රේනය සඳහන් කරන්නේ

මෙම මෙහෙයුමේදී රුසියානු හමුදාවේ බොහෝ පිරිසක් මිය ගොස් හෝ තුවාල ලබා ඇති බවද සඳහන්

රුසියානු හමුදාව මේ පිළිබඳව කිසිවක් ප්‍රකාශ කර නැහැ .

සැප්තැම්බර් මාසයේදී එක්සත් ජනපදය විසින් ප්‍රකාශයට පත් කරන ලද Kyiv සඳහා වූ මිලිටරි ආධාර ලැයිස්තුවේ ATACMS නොතිබූ බවද විදෙස් මාධ්‍ය පවසනවා

රුසියානු කඳවුරුවලට ATACMS හි MGM-140A ප්‍රභේදය භාවිතා කර පහර දුන් බව ඊයේ (17) සමාජ මාධ්‍යවල පළ කරන ලද තහවුරු නොකළ පින්තූරවලින් පෙනී යන බවයි වාර්තා වන්නේ

Share This