රුසියානු හමුදා අත්පත් කරගෙන සිටින Dnipro ගඟේ වම් ඉවුරට යුක්‍රේන හමුදා ළඟා වෙයි

රුසියානු හමුදා අත්පත් කරගෙන සිටින Dnipro ගඟේ වම් ඉවුරට යුක්‍රේන හමුදා ළඟා වෙයි

යුක්‍රේන හමුදාව රුසියා හමුදා විසින් අත්පත් කරගෙන සිටින Dnipro ගඟේ වම් (නැගෙනහිර) ඉවුර වෙත පැමිණ ඇති බවට වාර්තා තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

එක්සත් ජනපදය පදනම් කරගත් යුද අධ්‍යයනය සඳහා වූ ආයතනය (ISW) පැවසුවේ යුක්‍රේන හමුදා ගඟට කිලෝමීටර් 4ක් නැගෙනහිරෙන් ඉදිරියට ගොස් ඇති බවයි.

කෙසේවෙතත් යුක්‍රේනයේ මෙහෙයුම අසාර්ථක බවයි රුසියාවේ ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අවධාරණය කර තිබෙන්නේ

Kyiv ඉලක්ක කරන්නේ Azov වෙරළ තීරයට ළඟාවීම, කලාපයේ රුසියානු හමුදා දෙකට බෙදීම සහ ක්‍රෙම්ලිනයේ සැපයුම් මාර්ග වඩාත් සංකීර්ණ කිරීමට බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ

යුක්‍රේන හමුදා මීට පෙර Dnipro ගඟ හරහා කුඩා වැටලීම් ගණනාවක් සිදු කර තිබෙනවා

මේ අතර යුක්‍රේනයේ සන්නද්ධ හමුදා සාමාන්‍ය කාර්ය මණ්ඩලය පැවසුවේ රුසියාව පසුගිය පැය 24 තුළ Pishchanivka වෙත ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බවයි.

Share This