පුරාණ ඊජිප්තුවෙන් ක්‍රිස්තු වර්ෂ 02 වන සියවසට අයත් බුද්ධ ප්‍රතිමාවක් හමුවෙයි

පුරාණ ඊජිප්තුවෙන් ක්‍රිස්තු වර්ෂ 02 වන සියවසට අයත් බුද්ධ ප්‍රතිමාවක් හමුවෙයි

රතු මුහුදේ බටහිර වෙරළේ පිහිටි ඉපැරණි ඊජිප්තු වරායක් වන Berenice Troglodytica හි කැණීම් කරන පුරාවිද්‍යාඥයන් විසින් ක්‍රිස්තු වර්ෂ 2 වැනි සියවසට අයත් පුරාණ බුද්ධ ප්‍රතිමාවක් සොයා ගෙන තිබෙනවා.

Berenice Troglodytica, Berenike ලෙසද හඳුන්වන පුරාන ඊජිප්තු වරාය ක්‍රි.පූ. 285-246 Ptolemy Philadelphus විසින් ආරම්භ කර ඇති බවයි සඳහන් වන්නේ.

රෝම යුගයේදී ඉන්දියාව, ශ්‍රී ලංකාව, අරාබිය සහ ඉහළ ඊජිප්තුව අතර යුද කටයුතු, අලි වෙළඳාම සහ ගම්මිරිස්, වටිනා ගල්, රෙදි සහ ඇත්දළ වැනි විදේශීය භාණ්ඩ වෙළඳාම සඳහා ප්‍රධාන මාර්ගයක් ලෙස Berenice නගරය ක්‍රියා කර තිබෙනවා.

අමෙරිකානු සහ පෝලන්ත පුරාවිද්‍යාඥයින් විසින් Berenice වාරයේ තිබී සොයා ගත් ප්‍රතිමාව, රෝම යුගයට අයත් ප්‍රතිමාවක්.

එය සෙන්ටිමීටර 71ක් උස වන අතර, හිස වට කර ඇති ප්‍රවාහයක් ලෙසින් බුදු රැස්ද නිරූපණය වන ආකාරයෙනුයි මෙම ප්‍රතිමාව නිර්මාණය කර ඇත්තේ.

ප්‍රතිමාව සඳහා භාවිතා කරන ලද ගල ඉස්තාන්බුල් නගරයට දකුණින් පිහිටි ප්‍රදේශයක වන්නට ඇති අතර, එයින් කියවෙන්නේ ඉන්දියාවේ සිට පැමිණි වෙළඳුන් විසින් ප්‍රතිමාව දේශීයව කැටයම් කර අසල ඇති පන්සලට කැප කර ඇති බවයි ආචාර්ය Marius Goyazda සඳහන් කරන්නේ.

Share This