පැය 24ක් තුළ නේපාලයෙන් භූ කම්පන 2ක්

පැය 24ක් තුළ නේපාලයෙන් භූ කම්පන 2ක්

හිමාල කඳුකරය ආශ්‍රිතව පැය 24කටත් වඩා අඩු කාලයක් තුළ භූ කම්පන දෙකක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව අද (22) උදෑසන කාලයේදී රිච්ටර් මාපකයේ ඒකක 5.3ක සහ පස්වරුවේ ඒකක 4.3ක ප්‍රබලත්වයකින් යුතුව භූ කම්පනයක් හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේවෙතත් භූ කම්පනයන්ගෙන් සිදුවූ හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ.

Share This