ජනතාවට ඉවත්ව යාමට ඊශ්‍රායලයෙන් හමාස් මාර්ග බාධකවලට ප්‍රහාර

ජනතාවට ඉවත්ව යාමට ඊශ්‍රායලයෙන් හමාස් මාර්ග බාධකවලට ප්‍රහාර

ගාසා තීරයේ උතුරෙන් මිනිසුන් ඉවත් කිරීම නැවැත්වීම සඳහා හමාස් විසින් මාර්ග බාධක ඇති කරන බවට ඊශ්‍රායල හමුදා ප්‍රකාශක ඩැනියෙල් හගාරි සඳහන් කර තිබෙනවා.

ඒ අනුව හගාරි පවසන්නේ ඊශ්‍රායලය විසින් එම මාර්ග බාධක ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කළේ ජනගහනය ඉවත් කිරීමට ඉඩ දීම සඳහා බවයි

මේ මස මුලදී ඊශ්‍රායලය ගාසා තීරයේ උතුරේ සිටින ජනතාවට දකුණට යන ලෙස අනතුරු අඟවා සිටියා

නමුත් ඛාන් යුනිස් නගරය ඇතුළු දකුණු ප්‍රදේශවල දිගටම ප්‍රහාර එල්ල කිරීම් පැවතුණ බවද විදෙස් මාධ්‍ය වාර්තා කලා

 

Share This