දරුවෙකු බිහි කිරීමට රජය ලබාදෙන ඩොලර් 2,500 ප්‍රමාණවත් නැහැ – හොංකොං වැසියන්ගෙන් චෝදනාවක්

දරුවෙකු බිහි කිරීමට රජය ලබාදෙන ඩොලර් 2,500 ප්‍රමාණවත් නැහැ – හොංකොං වැසියන්ගෙන් චෝදනාවක්

හොංකොං නගරය සිය උපත් අනුපාතය ඉහළ නැංවීමට ළදරුවෙකු බිහි කිරීම සඳහා නව දෙමාපියන්ට ලබාදීමට යෝජනා වී ඇති ඩොලර් 2,500ක මුදල ප්‍රමාණවත් නොවන බවට පුරවැසියන් චෝදනා කරනවා.

ජීවන වියදම අධික වන හොංකොං නගරයේ බොහෝ පදිංචිකරුවන් පවසන්නේ එය මාසයක කුලිය පියවා ගැනීමටවත් ප්‍රමාණවත් නොවන බවයි.

හොංකොං ප්‍රධාන විධායක John Lee Ka-chiu සිය වාර්ෂික ප්‍රතිපත්ති දේශනය අතරතුර රජය ලබාදීමට නියමිත සුබසාධන මුදල ප්‍රකාශයට පත්කර තිබෙනවා.

නගරයේ උපත් අනුපාතය ඉහළ නැංවීමේ උත්සාහයක් ලෙස මෙතැන් සිට 2026 දක්වා උපත ලබන සෑම දරුවෙකුගේම දෙමාපියන්ට ඩොලර් 2,500ක මුදලක් ලබා දෙන බවයි ඔහු කියා සිටියේ.

ස්ථාවර ජනගහනයක් සහතික කිරීම සඳහා අවශ්‍ය 2.1 අනුපාතය 0.9 දක්වා පහත වැටී ඇති බවයි හොංකොං නගරයේ පාලන අධිකාරිය සඳහන් කරන්නේ.

Share This