යුධ නීති පිළිපැදිය යුතු බව කමලා හැරිස් පවසයි

යුධ නීති පිළිපැදිය යුතු බව කමලා හැරිස් පවසයි

ඊශ්‍රායලයට හෝ ගාසා තීරයට ප්‍රහාරක හමුදා යැවීමට අමෙරිකාවට කිසිදු අදහසක් හෝ සැලසුමක් නොමැති බව එරට උප ජනාධිපති කමලා හැරිස් යළි අවධාරණය කර තිබෙනවා .

අපට කිසිසේත්ම කිසිදු අදහසක් නැති බවත් ඊශ්‍රායලයට හෝ ගාසා තීරයට සටන් හමුදා යැවීමට අපට කිසිදු සැලසුමක් නොමැති බවත් ඇය වැඩිදුරටත් පවසනවා

එක්සත් ජනපදය, ඊශ්‍රායලයට උපදෙස්, උපකරණ සහ රාජ්‍ය තාන්ත්‍රික සහාය ලබා දෙන බවයි ඇය වැඩිදුරටත් සඳහන් කරන්නේ

කිසිදු ප්‍රශ්නයකින් තොරව ඊශ්‍රායලයට තමන්ව ආරක්ෂා කර ගැනීමට අයිතියක් ඇති බවත් එමෙන්ම හමාස් සහ පලස්තීනුවන් අතර කිසිදු ගැටුමක් ඇති නොවීම ඉතා වැදගත් බවද ඇය පවසනවා

පලස්තීනුවන්ට ආරක්ෂාව මෙන්ම යුද්ධයේ නීති පිළිපැදිය යුතු බවත්, ගලා එන මානුෂීය ආධාර තිබිය යුතු බවත් ඉතා පැහැදිලිව සඳහන් කරන බව උප ජනාධිපති කමලා හැරිස් සඳහන් කරනවා

එක්සත් ජනපදයට අවශ්‍ය වූයේ ගැටුම උග්‍රවීම වැළැක්වීමට බවත්, ඊට සම්බන්ධ නොවන ලෙස ඉරානයට අනතුරු ඇඟවූ බවත් ඇය පවසා සිටිනවා

Share This