දකුණු අප්‍රිකාවට විශිෂ්ට ජයක්

දකුණු අප්‍රිකාවට විශිෂ්ට ජයක්

2023 එක්දින ලෝක කුසලානයේ 32වැනි තරගයේ ජය වාර්තා කිරීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් වුණා.

ඒ නවසීලන්ත කණ්ඩායම ලකුණු 190කින් පරාජයට පත් කරමින්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 357ක් රැස් කර ගැනීමට සමත් වුණා.

ඒ නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 4ක් දැවී සිටියදීයි.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 35ක් තුළ කඩුළු සියල්ල දැවී ලකුණු 167ක් ලබා ගත්තා.

ඒ අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායමට ලකුණු 190ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට හැකියාව ලැබුණා.

Share This