අද තවත් පිරිසක් ගාසා තීරයේ සිට ඊජිප්තුවට

අද තවත් පිරිසක් ගාසා තීරයේ සිට ඊජිප්තුවට

ඊශ්‍රායල-හමාස් යුද්ධයෙන් පසු ප්‍රථම වතාවට රෆා හරස් මාර්ගය විවෘත කිරීමෙන් පසු අද දින තවත් පිරිසක් ගාසා තීරයේ සිට ඊජිප්තුවට එනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා

ඊයේ (01) දිනයේ මෙන්ම, ඊජිප්තුව විසින් සකස් කරන ලද, පිටවීමට අවසර දී ඇති පුද්ගලයින් 500 කගේ ලැයිස්තුවක් හරස් මාර්ගයෙහි පළ කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

400 කට වැඩි පිරිසකට ඊයේ ගාසා තීරයෙන් පිටව යාමට හැකිව තිබෙනවා

කෙසේවෙතත් නම් ලැයිස්තුවේ නොමැති බොහෝ පිරිසක් රෆා දේශ සීමාව අසළ රැඳී සිට ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

ලයිස්තුවේ නම් නොමැති අයට ඊජිප්තුවට ඇතුළු වීමට ඉඩ නොදෙන බව ඔවුන් නොදැන සිටි බවද සඳහන්

රෝහල්වල සැපයුම් අවසන් වෙමින් පවතින අතර සටන් දිගටම පවතින බැවින් ගාසා තීරයෙන් පිටවීම විශේෂයෙන් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය අයට ඉතා වැදගත් බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ .

 

Share This