පාකිස්ථාන මහ මැතිවරණයට දින නියම වෙයි

පාකිස්ථාන මහ මැතිවරණයට දින නියම වෙයි

පාකිස්ථාන මහ මැතිවරණය ලබන වසරේ පෙබරවාරි මස 11 වනදා පැවැත්වෙන බව නිවේදනය කර තිබෙනවා.

මැතිවරණය පැවැත්වීම කල් දැමීමට එරෙහිව එරට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ පෙත්සම්වල තීන්දුව ප්‍රකාශයට පත් කරමින් නියෝග කර තිබුණේ පාර්ලිමේන්තුව විසුරුවනු ලැබූ දිනයේ සිට දින 90ක් ඇතුළත මහ මැතිවරණය පැවැත්වීම සඳහා දින නියම කරන ලෙසයි.

ඒ අනුව පාකිස්ථාන මැතිවරණ කොමිසම විසින් මහ මැතිවරණය පවත්වන දිනය මෙලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Share This