ගාසා නගරය වැටලීම සම්පූර්ණයි – ඊශ්‍රායල හමුදාව

ගාසා නගරය වැටලීම සම්පූර්ණයි – ඊශ්‍රායල හමුදාව

තමන් ගාසා නගරය වැටලීම සම්පූර්ණ කර ඇති බව ඊශ්‍රායල හමුදාව පවසනවා

එමෙන්ම මුරපොලවල්, මූලස්ථාන සහ අනෙකුත් හමාස් යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කරන බවත් ඔවුන් පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

මේ අතර ගාසා තීරයේ පාසලක පුද්ගලයන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර නිවාස හතරකට හානි සිදුව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා

ඔක්තෝබර් 7 වැනිදා සිට ඊශ්‍රායලය ගාසා තීරයට ගුවන් හා කාලතුවක්කු ප්‍රහාර දහස් ගණනක් එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

හමාස් සංවිධානය ඊශ්‍රායලයේ 1400කට අධික පිරිසක් ඝාතනය කර තවත් 200කට අධික පිරිසක් පැහැරගෙන යාමෙන් පසුව ඊශ්‍රායලය සිය මෙහෙයුම ආරම්භ කරනු ලැබුවා

ඊශ්‍රායල හමුදාව පවසන්නේ හමාස් යටිතල පහසුකම් ඉලක්ක කරන බවත් සිවිල් මරණ අවම කරන බවත්ය.

තවදුරටත් ගාසා තීරයේ හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ඔක්තෝබර් 7 වනදා සිට 9,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවයි.

 

Share This