ඊශ්‍රායල-හමාස් යුද්ධය ආරම්භවීමෙන් පසු හිස්බුල්ලා හි නායකයාගේ ප්‍රසිද්ධියේ පළමු අදහස් දැක්වීම අද

ඊශ්‍රායල-හමාස් යුද්ධය ආරම්භවීමෙන් පසු හිස්බුල්ලා හි නායකයාගේ ප්‍රසිද්ධියේ පළමු අදහස් දැක්වීම අද

ලෙබනන් ෂියා ඉස්ලාමීය කණ්ඩායමක් වන හිස්බුල්ලා හි නායක Hassan Nasrallah අද (03) ඔහුගේ අනුගාමිකයින් ඇමතීමට බලාපොරොත්තු වන බව විදෙස් මාධ්‍ය පවසනවා

එය ඊශ්‍රායල-හමාස් යුද්ධය ආරම්භවීමෙන් පසු ඔහුගේ පළමු ප්‍රසිද්ධ අදහස් දැක්වීම බවයි වාර්තා වන්නේ .

සටන්කාමීන් සහ ඊශ්‍රායල හමුදාව ලෙබනනය-ඊශ්‍රායල් දේශසීමාවේ දැඩි ප්‍රහාරවල නිරතව සිටින බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

Hassan Nasrallahගේ ඇමතීමෙන් පසු කණ්ඩායමේ මීළඟ පියවර පිළිබඳව දැනගැනීමට හැකිවනු ඇති බවත් ඉන්පසුව ගැටුමේ තවත් අදියරක් ආරම්භ වනු ඇති බවටත් බියක් ඇති කර තිබෙනවා

කෙසේ වෙතත් මේ වන විට ප්‍රචණ්ඩත්වය බොහෝ දුරට පාලනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් පුද්ගලයන් 1,400කට වැඩි පිරිසක් මිය ගිය දා සිට, ලෙබනනය හිස්බුල්ලා සංවිධානය දෙස සමීපව නිරීක්‍ෂණය කරමින් සිටිනවා

Share This