නේපාලයේ ප්‍රබල භූ කම්පනයක් – 70 දෙනෙකු මරුට

නේපාලයේ ප්‍රබල භූ කම්පනයක් – 70 දෙනෙකු මරුට

නේපාලයට බලපෑ ප්‍රබල භූ කම්පනයකින් පුද්ගලයින් 70 දෙනෙකු මියගොස් තිබෙනවා.

රිච්ටර් මාපකයේ ඒකක 6.4ක ප්‍රබලත්වයකින් යුතුව භූ කම්පනය හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

භූ කම්පනයෙන් නිවාස සහ ගොඩනැගිලි රැසකට ද හානි සිදුව තිබෙනවා.

සුන්බුන් අතර තවත් පිරිසක් සිර වී සිටින බවට නේපාල බලධාරීන් සැක පළ කර ඇති අතර ඔවුන් සොයා මෙහෙයුම් කටයුතු ක්‍රියාත්මක බව සඳහන්.

ඒ අනුව මියගිය සහ තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවටයි සැක පළ කරන්නේ.

මේ වන විට පුද්ගලයින් 100කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වනවා.

2014 වසරේ දී නේපාලයට බලපෑ රිච්ටර් මාපකයේ ඒකක 7.8ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයකින් පුද්ගලයින් 9000කට ආසන්න පිරිසක් මියගොස් තවත් 22,000කට අධික පිරිසක් තුවාල ලබා තිබුණා.

Share This