ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා ඉල්ලා අස්වෙයි

ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී තිබෙනවා.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව ඉන්දියාව හමුවේ ලකුණු 302 කින් පරාජය වීමෙන් පසු මෙම ඉල්ලා අස්වීම සිදුවූ බවයි වාර්තා වන්නේ

එමෙන්ම ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ද මෙම ගැටලුවට මැදිහත් වී ඇති අතර බලධාරීන් ඉල්ලා අස් නොවන්නේ නම් දැඩි තීරණ ගැනීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ.

Share This