
ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා අතුරු කමිටුවක් පත්කරයි
ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා අර්ජුන රණතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුත් අතුරු කමිටුවක් පත් කර තිබෙනවා.
1973 අංක 25 දරන ක්‍රීඩා නීතිය මගින් ලබා දී ඇති බලතල යටතේ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් එම කමිටුව පත් කර ඇති බව සඳහන්.
ඒ අනුව සභාපති අර්ජුන රණතුංග මහතාට අමතරව විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු S. I. ඉමාම්, විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ, විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා, උපාලි ධර්මදාස, නීතිඥ රඛිත රාජපක්ෂ සහ හිෂාම් ජමාල්ඩීන් යන මහත්ම මහත්මීන් එම කමිටුවට පත් කර තිබෙනවා.
