ගාසා තීරය දරුවන්ගේ සොහොන් පිටියක් බවට පත්වෙමින් පවතිනවා – එක්සත් ජාතීන්ගේ මහලේකම්

ගාසා තීරය දරුවන්ගේ සොහොන් පිටියක් බවට පත්වෙමින් පවතිනවා – එක්සත් ජාතීන්ගේ මහලේකම්

ඊශ්‍රායල ගුවන් ප්‍රහාර උත්සන්නවීමත් සමග ගාසා තීරය දරුවන්ගේ සොහොන් පිටියක් බවට පත්වෙමින් පවතින බව එක්සත් ජාතීන්ගේ මහලේකම් Antonio Guterres අනතුරු අඟවා තිබෙනවා.

ඔහු පවසන්නේ මානුෂීය සටන් විරාමයක් සඳහා වන ඉල්ලීම් හැම පැයක් සමගම වඩාත් තීව්‍ර වන බවයි.

මීට පෙර ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන විසින් ගාසා තීරයේ සහ ඊශ්‍රායලයේ සිවිල් වැසියන් ඝාතනය කිරීම බිහිසුණු ක්‍රියාවක් ලෙසයි හඳුන්වා තිබෙන්නේ .

ගාසා තීරයට ඊශ්‍රායලයේ ගුවන් ප්‍රහාර තීව්‍ර වී ඇති අතර එය හමාස් යටිතල පහසුකම් ඉලක්ක කරන බවත් සිවිල් මරණ අවම කරන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මේ අතර ඊශ්‍රායල අගමැති Benjamin Netanyahu එක්සත් ජනපදයේ ABC පුවත් සේවයට පවසා තිබෙන්නේ සටන අවසන් වූ පසු ඊශ්‍රායලය ගාසා තීරයේ සමස්ත ආරක්ෂක වගකීම දරනු ඇති බවයි.

පසුගිය පැය 24 තුළ හමාස් ඉලක්ක 450කට පහර දුන් බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කරනවා .

ගාසා තීරයේ හමාස් පාලනය යටතේ පවතින සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ඊශ්‍රායලයේ ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ වූ දා සිට එම ප්‍රදේශය තුළ ළමුන් 4,104 ක් ඇතුළුව පුද්ගලයින් 10,022 ක් මියගොස් ඇති බවයි.

හමාස් සංවිධානය ඊශ්‍රායලයේ 1400කට අධික පිරිසක් ඝාතනය කර තවත් 200කට අධික පිරිසක් පැහැරගෙන යාමෙන් පසුවයි ඊශ්‍රායලය ගාසා තීරයට මෙලෙස ප්‍රහාර එල්ල කිරීමට පටන් ගැනුණේ

Share This