ශකිබ්ට ඉදිරි තරගය අහිමි වෙයි

ශකිබ්ට ඉදිරි තරගය අහිමි වෙයි

බංග්ලාදේශ කණ්ඩායමේ නායක ශකිබ් අල් හසන්ට ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි තරගය අහිමි වී තිබෙනවා.

ඒ, හටගත් ආබාධ තත්ත්වයක් හේතුවෙන්.

ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ඊයේ (06) පැවති තරගයේදී වම් අතෙහි ඇඟිල්ලක සිදුවූ අස්ථි බිඳීමක් හේතුවෙන් ඔහුට මෙලෙස ඉදිරි තරගය අහිමි වී තිබෙනවා.

ඒ අනුව 11 වනදා පූනේ හිදී ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන තරගය ශකිබ් අල් හසන්ට අහිමිවනු ඇති.

Share This