
ඇෆ්ගනිස්ථානය පරදා ඔස්ට්‍රේලියාවට ජය
2023 ලෝක කුසලාන එක් දින ක්‍රිකට් තරගාවලියේ 39වන තරගයේ ජය වාර්තා කිරීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුණා.
ඒ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පරාජයට පත්කරමින්.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ ලකුණු 291ක් රැස් කළා.
ඒ කඩුලු 05ක් දැවී සිටිය දීයි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 46යි පන්දු 05ක් අවසානයේ ජයග්‍රාහී සීමාව පසුකර ගියා.
ඒ වනවිට ඕස්ට්‍රේලියා කණ්ඩායමේ කඩුලු 07ක් දැවී සිටි අතර මෙම තරගය ජය ගැනීමත් සමග ඔවුන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා.
