ගාසා තීරයේ සමහර වෛද්‍යවරුන් නිර්වින්දන කිරීමකින් තොරව සැත්කම් සිදුකරනවා – ලෝක සෞඛ්‍ය සංවිධානය

ගාසා තීරයේ සමහර වෛද්‍යවරුන් නිර්වින්දන කිරීමකින් තොරව සැත්කම් සිදුකරනවා – ලෝක සෞඛ්‍ය සංවිධානය

ගාසා තීරයේ සමහර වෛද්‍යවරුන් නිර්වින්දන කිරීමකින් තොරව අත් පා කැපීම් ඇතුළු සැත්කම් සිදු කරමින් සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශකයෙක් පවසනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශක Christian Lindmeier ස්විට්සර්ලන්තයේ ජිනීවා හි පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ “ජීවත්වීම සඳහා ජලය, ඉන්ධන, ආහාර සහ සෞඛ්‍ය සේවා සඳහා ආරක්ෂිත ප්‍රවේශය සඳහා වූ අවශ්‍යතාවය දැඩිව පවතින බවයි .

එමෙන්ම ගාසා තීරයේ සිවිල් වැසියන් විසින් විඳදරාගෙන සිටින භීෂණය යුක්ති සහගත නොවන බවද අවධාරණය කරනවා

දිනකට ට්‍රක් රථ 500ක් පමණ ආධාර බෙදාදීම සඳහා ආරක්‍ෂිතව බාධාවකින් තොරව ගාසා තීරයට ඇතුළු වීම සඳහා එක්සත් ජාතීන්ගේ ඉල්ලීම් Christian Lindmeier නැවත අවධාරණය කර තිබෙනවා

 

Share This