යුක්‍රේනයේ ඔඩේසා වරායේ දී සිවිල් නෞකාවකට රුසියාව පහර දෙයි

යුක්‍රේනයේ ඔඩේසා වරායේ දී සිවිල් නෞකාවකට රුසියාව පහර දෙයි

යුක්‍රේනයේ කළු මුහුදේ ඔඩේසා වරායට ඇතුළුවෙමින් තිබූ සිවිල් නෞකාවකට රුසියානු මිසයිලයක් වැදීමෙන් අවම වශයෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව බලධාරීහු පවසනවා.

ලයිබීරියානු ධජය සහිත යාත්‍රාවට රේඩාර් නාශක මිසයිල ප්‍රහාරයක් එල්ලවී ඇති බවයි යුක්‍රේන දකුණු ආරක්ෂක හමුදාවන් සඳහන් කර ඇත්තේ

43 හැවිරිදි වරාය නියමුවෙකු මිය ගිය අතර පිලිපීන කාර්ය මණ්ඩලයේ තිදෙනෙකු සහ වරාය සේවකයෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මෙම සිදුවීම සම්බන්ධයෙන් රුසියාවෙන් අදහස් දක්වා නැහැ

අනතුරට ලක්වන අවස්ථාවේ නෞකාව නැංගුරම්ලා තිබූ බවත් තුවාල ලැබූ එක් සේවකයෙකු රෝහල් ගත කර ඇති බවත් පැවසෙනවා

යුක්‍රේන ධාන්‍ය ආරක්ෂිතව අපනයනය කිරීමට ඉඩ සලසන ගනුදෙනුවකින් මොස්කව් මේ වසර මුලදී ඉවත් වූ දා සිට ඔඩේසා වරායට ඇතුළු වන සහ පිටවන යාත්‍රා රුසියානු ප්‍රහාරයේ අවදානමකට ලක්ව තිබෙනවා .

එතැන් සිට යුක්‍රේනය සිය වරායෙන් යාත්‍රා පැමිණීමට සහ යාමට තාවකාලික කොරිඩෝවක් විවෘත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ .

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ යුක්‍රේනය දෙසට කළු මුහුදේ ඇති සියලුම භාණ්ඩ නැව් හමුදා ඉලක්ක ලෙස සලකන බවයි.

රුසියාව පසුගිය ජූලි මාසයේදී ගිවිසුමෙන් ඉවත් වීමෙන් පසු වරාය යටිතල පහසුකම්වලට එල්ල වූ 21 වැනි ඉලක්කගත ප්‍රහාරය බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ .

Share This