
මහ බැංකුවෙන් මිලියන 250,000ක බැඳුම්කර වෙන්දේසියක්
ශ්‍රී ලංකා මහ බැංකුව එළඹෙන නොවැම්බර් 13 වන දින රුපියල් මිලියන 250,000 ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් සිදුකිරීමට නියමිත බව නිවේදනය කරනවා.
මෙම බැඳුම්කර නිකුතුව ඉතිහාසයේ එකවර නිකුත් කිරීමට නියමිත වටිනාකමින් වැඩිම බැඳුම්කර නිකුතුව ලෙසයි දැක්වෙන්නේ.
කාණ්ඩ 3ක් යටතේ මෙම වෙන්දේසිය පැවැත්වෙනවා.
ඒ අනුව 2027 ජනවාරි 15 දින කල් පිරෙන අයුරින් රු. මිලියන 60,000 ක්, 2028 මාර්තු 15 දින කල් පිරෙන අයුරින් රු. මිලියන 110,000 ක් සහ 2031 මාර්තු 15 දින කල් පිරෙන අයුරින් රු. මිලියන 80,000 ක් බැගින් මෙම බැඳුම්කර නිකුතුව සිදුකෙරෙන බවයි සඳහන් වන්නේ.
එම නිවේදනය පහතින්,