පැන්ඩාවන් නිසා අමෙරිකාව – චීනය ගැටෙයිද?

පැන්ඩාවන් නිසා අමෙරිකාව – චීනය ගැටෙයිද?

යෝධ පැන්ඩාවන් තිදෙනෙක් වොෂින්ටන් ඩීසී හි Smithsonian ජාතික සත්වෝද්‍යානයෙන් ගුවන් යානයකින් චීනයට පිටත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එමගින් වොෂින්ටන් සත්වෝද්‍යානයේ වසර 50කට වැඩි කාලයක් පැවති චීන පැන්ඩා වැඩසටහනේ අවසානය සනිටුහන් කර තිබෙනවා.

කළු සහ සුදු පැන්ඩාවන වන – Tian Tian, ​​Mei Xiang සහ ඔවුන්ගේ බාල පැටවා වන Xiao Qi Ji යන පැන්ඩාවයි මෙලෙස සත්වෝද්‍යානයෙන් පිටත් කර ඇත්තේ.

Smithsonian ජාතික සත්වෝද්‍යානය ”panda diplomacy” හෙවත් වෙනත් රටක පැන්ඩාවන් ප්‍රදර්ශනය කළ පළමු එක්සත් ජනපද සත්වෝද්‍යානයයි.

සත්වෝද්‍යාන කාර්ය මණ්ඩලය ඔවුන්ගේ දශක පහක් පුරා පැවති ජනප්‍රිය පැන්ඩා වැඩසටහනෙන් විරාමයක් ගත් බවයි සඳහන් කරන්නේ.

එමෙන්ම මෙම පැන්ඩාවන් සුපිරි බලවතුන් වන චීනය හා අමෙරිකාව යන දෙරට අතර මෙම ජාතික වස්තු සබඳතාව රඳවාගෙන සිටි රාජ්‍ය තාන්ත්‍රික කටයුත්තක් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

පැන්ඩාවන් Smithsonian ජාතික සත්වෝද්‍යානයෙන් පිටත් කිරීමෙන් පසු අමෙරිකාවේ Atlanta සත්වෝද්‍යානය පැන්ඩාවන් දැකගත හැකි එකම එක්සත් ජනපද සත්වෝද්‍යානය බවට පත්වනවා.

කෙසේ වෙතත් Atlanta හි පැන්ඩා කොන්ත්‍රාත්තුව ලබන වසරේ කල් ඉකුත් වන අතර එහි දිගුවක් පිළිබඳව කතිකා කරගෙන නැහැ.

වඳවීමේ තර්ජනයට ලක්ව ඇති විශේෂයන් වඩා හොඳින් ආරක්ෂා කිරීම සහ ගෝලීය ජෛව විවිධත්ව සංරක්ෂණය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් පැන්ඩාවන් නැවතත් චීනයට රැගෙන ගිය බවයි චීන බලධාරීන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This