ගංවතුර හේතුවෙන් නිරිත දිග සෝමාලියාවේ ප්‍රධාන පාලමක් විනාශ වෙයි

ගංවතුර හේතුවෙන් නිරිත දිග සෝමාලියාවේ ප්‍රධාන පාලමක් විනාශ වෙයි

දින ගණනාවක් තිස්සේ ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නිරිතදිග සෝමාලියාවේ Bardhere නගරයේ ප්‍රධාන පාලමක් කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

Gedo කලාපයේ නගර සහ ගම් අතර ගමන් කරන මිනිසුන්ගේ ගමනාගමනය සඳහා පාලම ඉතා වැදගත් වූ බව රජයට අයත් සෝමාලි ජාතික පුවත් ඒජන්සිය (Sonna) වාර්තා කර තිබෙනවා

ප්‍රදේශවාසීන් තම අසල්වැසි ප්‍රදේශවලින් හුදකලා වීම ගැන කණස්සල්ල පළ කර ඇති අතර ගලවා ගැනීම සඳහා බලධාරීන් බෝට්ටු දෙකක් යවා ඇති බවයි පැවසෙන්නේ

Gedo යනු සෝමාලියාවේ විනාශකාරී ගංවතුරෙන් දරුණු ලෙස පීඩාවට පත් වූ කලාපයක් .

රට පුරා ගංවතුරෙන් 12 දෙනෙකුට වඩා මිය ගොස් ඇති අතර දහස් ගණනක් අවතැන් වී හෝ හුදකලා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ .

Share This