තුර්කිය එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා සමග ආධාර ට්‍රක් රථ වැඩි කිරීම ගැන සාකච්ඡා කරයි

තුර්කිය එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා සමග ආධාර ට්‍රක් රථ වැඩි කිරීම ගැන සාකච්ඡා කරයි

ගාසා තීරයට දෛනික ආධාර ට්‍රක් රථ සංඛ්‍යාව අවම වශයෙන් 500 දක්වා වැඩි කිරීම පිළිබඳව තුර්කිය එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් අන්කාරා හි සිදු කළ සංචාරයේදී සාකච්ඡා කළ බව එරට ජනාධිපති Tayyip Erdogan පවසනවා.

වැඩිදුරටත් තුර්කි ජනාධිපතිවරයා පැවසුවේ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් එම යෝජනාවට ධනාත්මක ප්‍රවේශයක් ගත් බවයි.

තුර්කිය අනෙකුත් රටවල් සමග එක්ව සහයෝගයෙන් ගිලන්රථ, ආහාර, ජලය සහ ඖෂධ ලබා දීමට පොරොන්දු වී තිබෙනවා .

එමෙන්ම තුවාල ලැබූ පලස්තීනුවන් සහ නිදන්ගත රෝගවලින් පෙළෙන රෝගීන් ප්‍රතිකාර සඳහා තුර්කි රෝහල් වෙත ගෙන යාමට ද ඉදිරිපත් වී ඇති බවයි සඳහන් වන්නේ .

Share This