
ICCය ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරයි
වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවා තිබෙනවා.
ICC මණ්ඩලය විසින් අදාළ තීරණය ගෙන ඇති බව සඳහන්.
ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකයෙකු ලෙස එහි වගකීම් උල්ලංඝනය කර ඇති බව ඔවුන් පෙන්වා දී තිබෙනවා.
විශේෂයෙන් එහි කටයුතු ස්වාධීනව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවය සහ පාලනය, නියාමනය හෝ පරිපාලනය සම්බන්ධයෙන් මෙරට රජයේ මැදිහත්වීමක් දක්නට නොලැබීම ශ්‍රී ලංකාව විසින් බරපතළ ලෙස උල්ලංඝනය කර ඇති බව ICCය සඳහන් කරනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් අත්හිටුවීමට අදාළ වන කොන්දේසි ICC මණ්ඩලය විසින් ඉදිරියේදී දැනුම්දෙනු ඇති
