බස් රථයක් ප්‍රපාතයකට වැටීමෙන් ඉන්දියාවේ 36ක් මරුට – 19කට තුවාල

බස් රථයක් ප්‍රපාතයකට වැටීමෙන් ඉන්දියාවේ 36ක් මරුට – 19කට තුවාල

ඉන්දියාවේ ජම්මු සහ කාශ්මීරයේ දෝඩා හි බස් රථයක් ප්‍රපාතයකට වැටීමෙන් තිස් හය දෙනෙකු මිය ගොස් තවත් 19 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා .

තුවාල ලැබූ 19 දෙනාගෙන් 6 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවද සඳහන් වනවා

Batote-Kishtwar ජාතික මහා මාර්ගයේ බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 300ක් පමණ පහළට වැටී ඇති බවයි ජම්මු ප්‍රාදේශීය කොමසාරිස් රමේෂ් කුමාර් සඳහන කර තිබෙන්නේ

තුවාලකරුවන් රෝහල් ගත කිරීම සඳහා හෙලිකොප්ටර් සේවාවක් සූදානම් කරමින් සිටින බවද වාර්තා වනවා

අගමැති නරේන්ද්‍ර මෝදි සිය ශෝකය ප්‍රකාශ කර ඇති අතර අනතුරින් මියගිය අයගේ පවුල්වලට රුපියල් ලක්ෂ 2 බැගින් වන්දි ලබා දෙන බවත් තුවාල ලැබූවන්ට රුපියල් 50,000 ක ආධාරයක් ලැබෙන බවත් පවසා තිබෙනවා

Share This