
නවසීලන්තයට ලකුණු 398ක ඉලක්කයක්
2023 ක්රිකට් ලෝක කුසලානයේ පළමු අවසන් පූර්ව තරගයේ දී ඉන්දියාව ලකුණු 397ක් රැස් කළා.
ඒ නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 04ක් පමණක් දැවී සිටිය දීයි.
මෙහිදී අගනා ඉනිමක් ක්රීඩා කළ Virat Kohli පන්දු 113 තුළ ලකුණු 117 රැස් කිරීමට සමත් වුණා.
ඒ අනුව ඔහු රැස් කළේ, සිය එක්දින දිවියේ 50 වැනි ශතකයයි.
ජගත් එක්දින පිටියේ වැඩිම ශතක ලාභියාගේ වාර්තාව තමන් සතු කර ගැනීමට ද ඒ අනුව විරාට් කෝලි සමත් වුණා
මීට පෙර එම ස්ථානයේ පසු වූයේ Sachin Tendulkar වන අතර ඔහු ජගත් එක්දින පිටියේ ශතක 49ක් ලබා සිටියා.
