එක්සත් ජනපද ජනපති සහ චීන නායක ෂී ජින්පින් අතර සාකච්ඡා

එක්සත් ජනපද ජනපති සහ චීන නායක ෂී ජින්පින් අතර සාකච්ඡා

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ චීන නායක ෂී ජින්පින් ඉහළ මට්ටමේ හමුදා සන්නිවේදන නැවත ආරම්භ කිරීමට එකඟ වී ඇති බව නිලධාරීන් සහ මාධ්‍ය වාර්තා සඳහන් කරනවා .

මේ වසර මුලදී චීනය සිය ගුවන් සීමාව හරහා ඔත්තු බැලූ බැලූනයක් යවන බවට එක්සත් ජනපදය චෝදනා කිරීමත් සමඟ සබඳතා බිඳවැටුණු නමුත් එතැන් සිට එය වැඩිදියුණු වීමට පටන් ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

ලෝක නායකයින් ගාසා තීරයේ සහ යුක්‍රේනයේ යුද ගැටුම් , ජාත්‍යන්තර වෙළඳාම, ෆෙන්ටැනයිල් ජාවාරම සහ තායිවානය පිළිබඳව සාකච්ඡා කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා .

පැවති රැස්වීම්වලින් පසුව, චීන ජනාධිපති ෂී ජින්පිං එක්සත් ජනපද ව්‍යාපාරික නායකයින් සමග රාත්‍රී භෝජන සංග්‍රහයකටද එක්වනු ඇති

රාත්‍රී භෝජන සංග්‍රහය පවත්වනු ලබන්නේ එක්සත් ජනපද චීන ව්‍යාපාරික කවුන්සිලය සහ එක්සත් ජනපද-චීන සබඳතා පිළිබඳ ජාතික කමිටුව විසින් බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ .

Share This