අවසන් තරගයට සුදුසුකම් ලැබූ කැන්ගරුවන්

අවසන් තරගයට සුදුසුකම් ලැබූ කැන්ගරුවන්

දෙවන අවසන් පූර්ව තරගය ජය ගැනීමත් සමග 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඕස්ට්‍රේලියාව අද (16) සමත් වුණා.

ඒ, Eden Gardens හිදී දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග පැවති තරගය කඩුලු 3කින් ජය ගැනීමත් සමගයි.

තරගයේ කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකාව පළමුව පන්දුවට පහරදුන් අතර ඔවුන් පන්දුවාර 49යි පන්දු 4කදී සියලුදෙනා දැවී ලකුණු 212ක් ලබා ගත්තා.

නමුත් ඔවුන්ගේ මුල් පෙළේ කඩුලු 4ම ලකුණු 24කට දවා ගැනීමට ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන්නන් සමත් වුණා.

කෙසේවෙතත් දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පිති හරඹයක නිරත වූ David Miller පන්දු 116කදී හයේ පහර 5ක් සහ හතරේ පහර 8ක් සමග ලකුණු 101ක් රැස් කිරීමට සමත් වුණා.

එය ඔහුගේ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ 6 වන ශතකය වනවා.

ලකුණු 213ක ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය ඕස්ට්‍රේලියාව පන්දුවාර 47යි පන්දු 02ක් අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 215ක් ලබා සිය ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වුණා.

ඒ අනුව ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලබන 19 වනදා Ahmedabad හිදී ලෝක කුසලානය වෙනුවෙන් ඉන්දියාව සමග අවසන් මහා තරග බිමට පිවිසෙනු ඇති.

Share This