අල් ෂිෆා රෝහලේ රෝගින් 24 දෙනෙකු මරුට

අල් ෂිෆා රෝහලේ රෝගින් 24 දෙනෙකු මරුට

ගාසා තීරයේ පිහිටි විශාලතම රෝහල වන අල් ෂිෆා රෝහලේ ඔක්සිජන්, ඉන්ධන සහ අනෙකුත් අත්‍යාවශ්‍ය මූලික සැපයුම් අවසන් වීම හේතුවෙන් රෝගීන් 24 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ මිය ගිය පිරිස අතර අලුත උපන් බිළිදුන් තිදෙනෙකු සිටින බවයි

හමාස් සංවිධානය විසින් එම රෝහල අණදෙන මධ්‍යස්ථානයක් ලෙස භාවිත කර ඇති බවට පවසමින් ඊශ්‍රායල හමුදා අඛණ්ඩව අද (18) තෙවන දිනටත් එහි සෝදිසි මෙහෙයුම් සිදු කරන බව සඳහන්.

එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෝහල් පරිශ්‍රයේ තිබී සොයා ගන්නා ලද හමාස් උමං මාර්ගවල වීඩියෝ දර්ශන ද නිකුත් කර තිබෙනවා.

Share This