ලෝක සෞඛ්‍ය සංවිධානය අල්-ෂිෆා රෝහලේ නිරීක්ෂණ චාරිකාවක
ගාසා හි අල්-ෂිෆා රෝහල මරණ කලාපයක් වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා
ඔවුන් මේ බව සඳහන් කර ඇත්තේ අල්-ෂිෆා රෝහල සංකීර්ණයේ සංචාරයකින් අනතුරුවයි
එමෙන්ම ෂෙල් වෙඩි ප්‍රහාර සහ වෙඩි තැබීම් පිළිබඳ සාක්ෂි ඔවුන් දුටු බවත් රෝහල් දොරටුවේ සමූහ මිනීවළක් නිරීක්ෂණය කළ බවත් නිරීක්ෂණ කණ්ඩායම ප්‍රකාශ කර තිබෙනවා
ඒ අනුව පුද්ගලයින් 80 දෙනෙකුගේ දේහයන් එහි ඇති බවයි ඔවුන් වැඩිදුරටත් පවසා ඇත්තේ
කෙසේ වෙතත් බරපතල ලෙස රෝගාතුර වූ රෝගීන් 300 ක් අල්-ෂිෆා හි රැඳී සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ