අතුරුදන් වූ යුක්‍රේන ළදරුවෙක් පුටින්ගේ මිතුරෙක් ළග?

අතුරුදන් වූ යුක්‍රේන ළදරුවෙක් පුටින්ගේ මිතුරෙක් ළග?

Vladimir Putin ප්‍රධාන දේශපාලන සගයෙකු විසින් යුක්‍රේන ළමා නිවාසයකින් අල්ලාගත් දරුවෙකු හදා වඩා ගන්නා බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අහම්බෙන් දැක ඇති ඡායාරූපයක් නිසා මේ සම්බන්ධයෙන් සැක පළවූ බවයි යුක්‍රේන නිලධාරීන් පෙන්වා දී ඇත්තේ.

රුසියානු දේශපාලන පක්ෂයක නායකයා වන 70 හැවිරිදි Sergey Mironov, ඔහු දැන් විවාහ වී සිටින කාන්තාවගෙන් 2022 දී දෙහැවිරිදි බිළිදියව දරුකමට හදා ගැනීමේ වාර්තාවේ සටහන් වී ඇති බවයි සඳහන් වන්නේ.

එමෙන්ම රුසියාවේදී දැරියගේ අනන්‍යතාවය වෙනස් කර ඇති බවද වාර්තා වනවා.

කෙසේවෙතත් මේ සියලු චෝදනා Mironovමහතා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මුලින් Margarita නම් වූ මෙම දරුවා රුසියානු හමුදා විසින් නගරය පාලනය කරන විට Kherson ප්‍රාදේශීය ළමා නිවාසයෙන් අතුරුදහන් වූ 48 දෙනාගෙන් කෙනෙක් බවයි සඳහන් වන්නේ.

එමෙන්ම යුක්‍රේන රජය පෙන්වා දෙන වාර්තාවලට අනුව 2022 දී ආක්‍රමණය ආරම්භයේ සිට රුසියානු හමුදා විසින් අල්ලාගෙන ඇති ළමුන් 20,000 ක් පමණ වනවා.

මෙම වසර මුලදී ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) ජනාධිපති Vladimir Putin සහ ඔහුගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ කොමසාරිස් Maria Lvova-Belova, යුක්‍රේනියානු දරුවන් රුසියානු පාලන ප්‍රදේශයට නීතිවිරෝධී ලෙස පිටුවහල් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කළා.

දරුවන් පිටුවහල් කිරම සම්බන්ධයෙන් රුසියානු රජය පවසන්නේ ඔවුන් යුක්‍රේන දරුවන් පිටුවහල් නොකරන නමුත් යුද්ධයෙන් ආරක්ෂාව ලබා දීම සඳහා ඔවුන්ව යුද්ධය ඇති ප්‍රදේශවලින් ඉවත් කරන බව පමණයි.

Share This