ඊශ්‍රායලය පලස්තීන සිරකරුවන් 39ක් නිදහස් කරයි

ඊශ්‍රායලය පලස්තීන සිරකරුවන් 39ක් නිදහස් කරයි

හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි ප්‍රාණ ඇපකරුවන් පිරිසක් වෙනුවෙන් පලස්තීන රැඳවියන් 39 දෙනෙකු ඊශ්‍රායල බන්ධනාගාරවලින් නිදහස් කර තිබෙනවා.

කටාරය මැදිහත් වීමෙන් සිදුවන මෙම ගිවිසුමට දින හතරක සටන් විරාමයක් ඇතුළත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

West Bank ප්‍රදේශයේ Beituniya මුරපොල හරහා කාන්තාවන් 24 දෙනෙකු සහ පිරිමි ළමයින් 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම නිදහස් කර තිබෙනවා.

ඊශ්‍රායලයේ බන්ධනාගාර සේවා සඳහන් කරන්නේ එම සිරකරුවන්ට නැවතත් පලස්තීනය කරා යාමට අවසර ඇති බවයි.

ඊශ්‍රායලයයේ බන්ධනාගාරවල සිටින කාන්තාවන් සහ බාල වයස්කරුවන් 300 දෙනෙකුගෙන් යුත් ලැයිස්තුවකින් මෙම පිරිස තෝරාගෙන ඇති බවයි සඳහන් වන්නේ.

Share This