තාවකාලික සටන් විරාමය දීර්ඝ කරන ලෙසට ඉල්ලීමක්

තාවකාලික සටන් විරාමය දීර්ඝ කරන ලෙසට ඉල්ලීමක්

යුරෝපා සංගමයේ විදේශ කටයුතු ප්‍රධානී Josep Borrell තාවකාලික සටන් විරාමය දීර්ඝ කරන ලෙස ඉල්ලා තිබෙනවා

ගනුදෙනුවේ මූලික කොන්දේසි යටතේ, සටන්වල තාවකාලික විරාමයේ අවසන් දිනය අදයි .

මේ වන විට මුදා හරින ලද ප්‍රාණ ඇපකරුවන්ගෙන් 12 දෙනෙකු ඊශ්‍රායලයේ කිබුට්ස් බීරි හි සිටින බවයි පැවසෙන්නේ

ගැටුම සමථයකට පත් කිරීමේ ජාත්‍යන්තර ප්‍රයත්නයන් අඛණ්ඩව පවතින බැවින්, චීනයේ විදේශ අමාත්‍ය වැන්ග් යී මේ සතිය අගදී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමක් පැවැත්වීම සඳහා නිව්යෝර්ක් වෙත යාමට නියමිත බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

රැස්වීමට පෙර, ජෝර්දානය තාවකාලික සටන් විරාමය ස්ථීර කරන ලෙස ඉල්ලා සිටි අතර, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ගාසා තීරයේ සිවිල් වැසියන්ට සිදුවන හානිය අවම කිරීම සඳහා ඊශ්‍රායලය පියවර ගැනීමේ වැදගත්කමද නැවත අවධාරණය කර තිබෙනවා

ගාසා තීරයෙන් මුදාගත් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් පිළිගැනීමට ඊයේ දහස් ගණන් ජනයා දකුණු ඊශ්‍රායලයේ Hatzerim හමුදා කඳවුර අසල වීථිවල පෙළ ගැසී සිටි බවද විදෙස් මාධ්‍ය පවසනවා

ගනුදෙනුව දීර්ඝ කළහොත් තවත් ප්‍රාණ ඇපකරුවන් බොහෝ පිරිසක් නිදහස් කළ හැකි බවයි සඳහන් වන්නේ

නිදහස් කරන සෑම ඊශ්‍රායල පුරවැසියෙකුටම, ඊශ්‍රායල සිරගෙවල්වල රඳවා සිටින පලස්තීන සිරකරුවන් තිදෙනෙකු ,කාන්තාවන් සහ බාලවයස්කරුවන් – නිදහස් කරනු ඇති

මේ අතර හමාස් සංවිධානය පවසන්නේ ඊශ්‍රායලය විසින් මුදා හරින ලද සෑම 10 දෙනෙකු සඳහාම ගාසා තීරයේ සටනේ තවත් දිනයක් විරාමයක් ලබා දෙන අතර, එය දීර්ඝ කිරීමට එකඟ විය හැකි බවයි

කෙසේවෙතත් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 20 සිට 40 දක්වා නිදහස් කළ හැකි බවත්, එය තාවකාලික සටන් විරාමයට අමතර දින දෙක හතරක් එකතු කළ හැකි බවත් පලස්තීන නිලධාරියෙක් BBC පුවත් සේවයට පවසා තිබෙනවා

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ගිවිසුම දීර්ඝ කිරීමට විවෘත බව ප්‍රකාශ කළ නමුත්, තාවකාලික සටන් විරාමයෙන් පසුව, හමාස් තුරන් කිරීමේ ඉලක්කය සමග ඊශ්‍රායලය සිය ප්‍රහාරය නැවත ආරම්භ කරන බව ද අවධාරණය කරනවා

ගාසා තීරයේ, සති කිහිපයක නොනවතින ඊශ්‍රායල බෝම්බ ප්‍රහාර හේතුවෙන් ඇති වූ මානුෂීය අර්බුදය දිගටම පවතින බැවින්, විරාමය මගින් අවශ්‍ය බොහෝ ආධාර ලබා දීමට ඉඩ ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ

 

 

Share This