රුසියාවත් හිමිකම් පෑ ඓතිහාසික කෞතුක වස්තූන් රැසක් අධිකරණ නියෝගයකින් යුක්‍රේනයට

රුසියාවත් හිමිකම් පෑ ඓතිහාසික කෞතුක වස්තූන් රැසක් අධිකරණ නියෝගයකින් යුක්‍රේනයට

රුසියාව සමග එහි හිමිකාරිත්වය සම්බන්ධයෙන් වසර 10කට ආසන්න කාලයක් පුරා පැවති ආරවුලකින් පසු ඓතිහාසික කෞතුක වස්තු එකතුවක් යුක්‍රේනයට ආපසු ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

කියෙව් අගනගරය පවසන්නේ Scythian සහ Sarmatian ස්වර්ණාභරණ සහ මූර්ති ඇතුළු භාණ්ඩ 565ක් නෙදර්ලන්තයෙන් ආපසු ලැබී ඇති බවයි.

2014 වසරේදී රුසියාව යුක්‍රේන අර්ධද්වීපය ඈඳාගත් විට, ක්‍රිමියානු කෞතුකාගාරවලින් ලබාගත් දෑ Amsterdam හි Allard Pierson කෞතුකාගාරයට දී ඇති බවයි සඳහන් වන්නේ .

පසුව යුක්‍රේනය සහ රුසියාව යන රටවල් දෙකම භාණ්ඩ සඳහා හිමිකම් පෑ නමුත් ලන්දේසි උසාවි කියෙව්ට සහාය දක්වා තිබෙනවා

ඒ අනුව සඳුදා ප්‍රකාශයක් නිකුත් කරමින් කියෙව්හි යුක්‍රේනයේ ජාතික කෞතුකාගාරය සඳහන් කර ඇත්තේ වසර 10 කට ආසන්න අධිකරණ විභාගවලින් පසුව, ක්‍රිමියාවේ කෞතුකාගාර හතරක කෞතුක වස්තු ලැබී ඇති බවත් ලෝකඩ කඩු, රන් හිස්වැසුම් සහ වටිනා මැණික් එයට ඇතුළත් බවත්ය

Allard Pierson කෞතුකාගාරය සඳහන් කරන්නේ පසුගිය මාසයේ ස්වාධීනව පරීක්ෂා කර කෞතුකාගාර නීතිරීතිවලට අනුකූලව පරිස්සමින් ඇසුරුම් කරන ලද වස්තූන් ඉරිදා(26) යුක්‍රේන අගනුවරට රැගෙන ආ බවයි.

 

Share This