යුක්‍රේනයට බලපා ඇති හිම කුණාටුවෙන් 10 දෙනෙකු මරුට

යුක්‍රේනයට බලපා ඇති හිම කුණාටුවෙන් 10 දෙනෙකු මරුට

යුක්‍රේනයේ දින තුනක සිට පවතින කුණාටු සහිත කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම දහස් ගණනකට විදුලිබල පද්ධතිය විසන්ධි වී ඇති බවත් රටේ ප්‍රදේශ හිමවලින් වැසී ඇති බවත් එරට නිලධාරීන් පෙන්වා දෙනවා.

කලාප 11ක ජනාවාස 400 කට වැඩි ප්‍රමාණයකට විදුලිය නොමැති අතර, දැඩි ලෙස පිඩාවට ලක්ව ඇති 1,500 කට වැඩි පිරිසක් බේරා ගැනීමට උත්සහ කරමින් සිටින බව අභ්‍යන්තර කටයුතු අමාත්‍ය Ihor Klymenko සඳහන් කර තිබෙනවා.

එමෙන්ම ළමුන් දෙදෙනෙකු ඇතුළු තවත් 23 දෙනෙකු තුවාල ලබා ඇති බවද සඳහන්.

මරණ වාර්තා වී ඇත්තේ Odesa, Kharkiv, Mykolaiv සහ Kyiv යන ප්‍රදේශවලින්.

Share This