IMF ලංකාවට කියපු සුභ ආරංචිය

IMF ලංකාවට කියපු සුභ ආරංචිය

බාහිර ණයහිමි රටවල් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ඇති කරගත් ප්‍රතිපත්තිමය එකඟතාවය, මෙරටට ලබාදුන් විස්තීර්ණ ණය පහසුකමේ පළමු සමාලෝචනය සිදුකර එහි දෙවැනි වාරිකය නිදහස් කිරීමට අවශ්‍ය මාර්ගයට ඉඩ සලසන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී Peter Breuer පවසනවා.

ඒ අනුව දෙසැම්බර් මැද භාගය වන විට විධායක මණ්ඩලය විසින් මෙම සමාලෝචනය භාර ගැනීමටත්, ඉදිරි කාලය තුළ ශ්‍රී ලංකාව සමග අපගේ ඵලදායී සහයෝගීතාවය අඛණ්ඩව පවත්වාගෙන යාමටත් බලාපොරොත්තු වන බවයි ඔහු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

Share This