Meta සමාගම චීනයේ ව්‍යාජ ගිණුම් දහස් ගණනක් ඉවත් කරයි

Meta සමාගම චීනයේ ව්‍යාජ ගිණුම් දහස් ගණනක් ඉවත් කරයි

Meta සමාගම විසින් මෑතකදී චීනය පදනම් කරගත් ව්‍යාජ සහ නොමග යවන ගිණුම් දහස් ගණනක ඔවුන්ගේ සමාජ මාධ්‍ය ජාලවලින් ඉවත් කර තිබෙනවා.

ව්‍යාජ ගිණුම්වලට හිමිකම් කියන චීන පරිශීලකයින් අමෙරිකානුවන් ලෙස පෙනී සිටි අතර එක්සත් ජනපද දේශපාලනය සහ එක්සත් ජනපද-චීන ​​සබඳතා පිළිබඳ ව්‍යාජ අන්තර්ගතයන් පැතිරවීමට උත්සාහ කරන බවයි සඳහන් වන්නේ.

එමෙන්ම එම ගිණුම් මගින් ගබ්සාව, යුද ගැටලු සහ යුක්‍රේනය සම්බන්ධයෙන්ද තොරතුරු හුවමාරු කරගෙන තිබෙනවා.

Meta සමාගම විසින් පැතිකඩ චීනයේ රාජ්‍ය නිලධාරීන්ගේ ගිණුම් අක්‍රිය කිරීමට කටයුතු කර නොමැති බවයි සඳහන් වන්නේ.

රුසියාව සහ ඉරානයට පිටුපසින් චීනය දැන් එවැනි ජාල වල තුන්වන විශාලතම භූගෝලීය මූලාශ්‍රය බව සමාගම පවසයි.

ඒ අනුව චීනය පදනම් කරගත් ගිණුම් 4,700 කට වඩා වැඩි ගිණුම් සංඛ්‍යාවක් මෙලෙස ඉවත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This