ව්‍යවසායකයන්ට රජයෙන් දුන්න සුභ ආරංචිය

ව්‍යවසායකයන්ට රජයෙන් දුන්න සුභ ආරංචිය

ව්‍යවසායකයන්ට අවශ්‍ය ප්‍රාග්ධනය 2% ණය පොලී සහනය යටතේ ලබාදීමට කටයුතු කරන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පවසනවා.

වත්මන් තරුණ පරපුර අනාගත ලෝකයට ගැළපෙන සාර්ථක ව්‍යවසායකයින් බවට පත් කිරීම ජනාධිපතිවරයාගේ අරමුණ වන අතර ඉතිහාසයේ ප්‍රථම වතාවට ආසියානු සංවර්ධන බැංකුව සමඟ එක්ව ව්‍යවසාය සංවර්ධනය උදෙසා ණය යෝජනා ක්‍රමයක් වෙනුවෙන් රුපියල් බිලියන 30ක් වෙන් කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව ව්‍යවසායකයන්ට අවශ්‍ය ප්‍රාග්ධනය 2% ණය පොලී සහනය යටතේ ලබාදීමට කටයුතු කරන බව ඔහු අද (02) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ප්‍රකාශ කළා.

මෙරට සමස්ත ජනගහනයෙන් 2.8% වන ව්‍යවසායකයින් දිරිගැන්වීමේ කාර්යය අප අමාත්‍යාංශයට පැවරී ඇති අතර 2028 වසර වන විට එම ව්‍යවසායකයන්ගේ ප්‍රමාණය 10% දක්වා ඉහළ නැංවීම අපේ ඉලක්කය වන බවයි ප්‍රසන්න රණවීර රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නඟාසිටුවීම වෙනුවෙන් පුළුල් වැඩපිළිවෙළක් දැනටමත් ආරම්භ කර ඇති බව එහිදී සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා ඒ සදහා අමත්‍යාංශය යටතේ ඇති ආයතන සමඟ ඒකාබද්ධව වැඩ කටයුතු සිදු කරමින් පවතින බව ප්‍රකාශ කළා.

මීට අමතරව ලෝක වෙළඳපොළ 2024-2025 සදහා අත්කම් වෙනුවෙන් බිලියන 789ක් වැය කිරීමට සූදානම්ව සිටින අතර ඉන් 1%ක් අප රට වෙනුවෙන් වෙන්කර ගැනීමට හැකි නම් එය රටක් ලෙස විශාල ජයග්‍රහණයක් බව තමා විශ්වාස කරන බවයි රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

Share This