ඉන්දුනීසියාවේ ගිනි කන්ද පිපිරීමෙන් මිය ගිය ගණන 13 දක්වා ඉහළට

ඉන්දුනීසියාවේ ගිනි කන්ද පිපිරීමෙන් මිය ගිය ගණන 13 දක්වා ඉහළට

ඉන්දුනීසියානු ගිනිකන්දක තිබී තවත් සිරුරු දෙකක් සහන නිලධාරීන් විසින් සොයාගෙන ඇති අතර ඒ අනුව මියගිය සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා .

සුමාත්‍රා හි මරාපි කන්දේ අතුරුදන් වූ තවත් කඳු නගින්නන් 10 දෙනෙකු තවමත් සොයමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

ගිනි කන්දේ අඛණ්ඩ පිපිරීම් ඇති බැවින් ආරක්ෂාව පිළිබඳ හේතූන් මත සෝදිසි කිරීම ඊයේ (04) නතර කරනු ලැබුවා

ගිනි කන්ද තවමත් විදාරණය වෙමින් පවතින බවටයි නිලධාරීන් අනතුරු අඟවා තිබෙන්නේ

Share This