ඊශ්‍රායල – හමාස් යුද්ධයට මාස දෙකයි – තවත් මාස දෙකක් අඛණ්ඩව ප්‍රහාර දියත් කරන බව ඊශ්‍රායලය කියයි

ඊශ්‍රායල – හමාස් යුද්ධයට මාස දෙකයි – තවත් මාස දෙකක් අඛණ්ඩව ප්‍රහාර දියත් කරන බව ඊශ්‍රායලය කියයි

2023 ඔක්තෝම්බර් 7 වන දින ගාසා තීරයේ පලස්තීන හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට රොකට් දහස් ගණනක් දියත් කිරීමෙන් ගාසා තීරයේ යුදමය තත්ත්වය ආරම්භ වී අද(07) වනවිට මාස දෙකක් ගත වී තිබෙනවා.

ඔක්තෝම්බර් 7 වනදා ඊශ්‍රායලයේ මායිම් නගරවල ස්ථාන කිහිපයකින් ඊශ්‍රායල නගරවලට ඇතුළු වූ හමාස් සටන්කාමීන් ඊශ්‍රායල හමුදා සහ සිවිල් වැසියන් මරාදමා තවත් පිරිසක් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා ගැනීමට කටයුතු කළා.

පසුව ඊශ්‍රායල හමුදාව තම රට යුද්ධයක සිටින බව ප්‍රකාශ කළ අතර, නේවාසික ගොඩනැගිලි සහ සෞඛ්‍ය සේවා පහසුකම් ඇතුළු ගාසා තීරයේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමට පටන් ගත්තා.

එතැන් සිට, ගාසා තීරයේ සමහර කොටස් සුන්බුන් බවට පත් වූ අතර මිනිසුන් දහස් ගණනකට ජීවිත අහිමි වුණා.

එමෙන්ම මේ වනවිට මිලියනයකට වඩා වැඩි පිරිසක් අවතැන් වී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඊශ්‍රායලය ගාසා තීරයට බෝම්බ හෙලීම දිගටම කරගෙන යන අතර රෆාහි ද ඇතුළුව දකුණේ ප්‍රහාර තවදුරටත් තීව්‍ර කර තිබෙනවා.

එමෙන්ම දකුණු ගාසා තීරයේ Khan Younisගෙන් සියයට 25ක් පමණ ඉවත් කිරීමේ නියෝග යටතේ සිටින බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය
පවසන්නේ.

බටහිර ඉවුරේ සිටින රමල්ලාහි තරුණ පලස්තීනුවන්ට ඊශ්‍රායල හමුදා විසින් කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ ප්‍රහාර එල්ල කරන බව වාර්තා වනවා.

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් 99 වැනි වගන්තිය ක්‍රියාත්මක කරමින් ක්‍රියා කරන ලෙස ඉල්ලා සිටීමෙන් පසුව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයින් සටන් විරාම යෝජනා කෙටුම්පතක් සලකා බලමින් සිටින බව සඳහන්.

European Union විදේශ ප්‍රතිපත්ති ප්‍රධානී Josep Borrell සටන් විරාම යෝජනාවකට සහාය දෙන ලෙස එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සිටින European Union සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය Yoav Gallant විසින් ගාසා තීරයේ හමාස් සටන්කාමීන් සමග ඊශ්‍රායලය යුද්ධය තවත් මාස දෙකක් අඛණ්ඩව පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව ප්‍රකාශ කර ඇති අතර ඉන් පසුව “Mop Up” මෙහෙයුම ක්‍රියාත්මක කර ත්‍රස්තවාදය තුරන් කිරීමට කටයුතු කරන බව සඳහන් කර තිබෙනවා.

Share This