ගංවතුරෙන් බේරෙන්න Manobo ආදිවාසීන් හදපු ගෙවල් (PHOTOS)

ගංවතුරෙන් බේරෙන්න Manobo ආදිවාසීන් හදපු ගෙවල් (PHOTOS)

Manobo ආදිවාසී ජනතාව පිලිපීනයේ Mindanao දූපතේ විශාල තෙත් බිමක ජීවත් වන ජන කොට්ඨාසයක් .

දකුණු පිලිපීනයේ Manobo ආදිවාසී ප්‍රජාවේ නායිකාවක් වන Marites Babantoට 2012 දී බිහිසුණු සුළි කුණාටුව නිසා ගම්මානයම පීඩාවට පත්වූ ආකාරය තවමත් මතක බව සඳහන් .

වර්ෂාපතනයෙන් ගංගා, විල් සහ වගුරු බිම් වලින් යුත් තෙත් බිම් ප්‍රදේශයක් වන Agusan Marshlands හි ජල මට්ටම් වැඩි වී තිබෙනවා.

Manobo ප්‍රජාව එම ප්‍රදේශයේ ජීවත් වන අතර, තට්ටු තුනේ නිවසක පවා උස අඩි 33ක මට්ටමට ගංවතුර පැමිණෙන බව සඳහන්.

ඒ නිසාම මේ ප්‍රජාව නිවාස වෙනුවට වතුරේ පාවෙන නිවාස සංකල්පයකට අනුව ඔවුන්ගේ නිවාස ඉදිකිරීමට කටයුතු කර තිබෙනවා.

2012 වසරේ කුණාටුව ගැන Marites Babanto පවසන්නේ ඔවුන්ගේ ප්‍රජාව මීට පෙරඑවැනි කුණාටුවක් අත්විඳ නොමැති බවයි.

පැය ගණනාවක් එක දිගට අද වැටුණු වර්ෂාවෙන් පසුව ඔවුන් පාවෙන ගෝත්‍රික ශාලාව වෙත එකතු වූ බව සඳහන් කරනවා.

ඉන් පසුවයි ඔවුන් පාවෙන නිවාස ඉදිකිරීමට තීරණය කර ඇත්තේ.

Manobo ප්‍රජාවේ සාමාජිකයින් 290,000 ක් පමණ ජීවත් වන Agusan Marshlands හි ජීවිතය තෙත් බිම් සහ ජලය සමග බද්ධ වී ඇති අතර ඔවුන් ජිවත් වන ප්‍රදේශය තුළ මාර්ග දක්නට ලැබෙන්නේ නැහැ.

ඒ වෙනුවට ප්‍රජාවගේ නිවාස ගංගා සහ විල් සමග සම්බන්ධ කර තිබෙනවා.

Manobo ආදිවාසීන්ගේ පාවෙන නිවාස, ගොඩබිම සහ ජලය අතර කලාපයේ ජීවත් වීමට ඉඩ සලසන වෙනත් නව නිපැයුම් සහ භාවිතයන් රැසක් සමගින් අනෙකුත් ප්‍රජාවන්ට ලබාගත හැකි දැනුම සම්බන්ධයෙන් පර්යේෂකයන්ගේ උනන්දුව වැඩි වෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

Share This