හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටෙයි – ගමනාගමනයට බාධා

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටෙයි – ගමනාගමනයට බාධා

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ දියගල ප්‍රදේශයේ මාර්ගයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

ඒ නිසා විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය ජනතාවට දැනුම් දී ඇත්තේ.

ගිනිගත්හේන ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් මෙලෙස ප්‍රධාන මාර්ගයට ඉහළින් පිහිටි විශාල පස් කන්දක් මාර්ගයට කඩා වැටී තිබෙනවා.

පස් කන්ද කඩා වැටුණු ස්ථානයෙන් තවත් පස් කදු කඩා වැටිමේ අවදානමක් පවතින නිසා ප්‍රධාන මාර්ගයේ පස් ඉවත් කිරිම තරමක් ප්‍රමාද වන බවයි මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම් දී ඇත්තේ.

Share This