කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගය හාලිඇල උඩුවරින් බර වාහන සඳහා වැසේ

කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගය හාලිඇල උඩුවරින් බර වාහන සඳහා වැසේ

99 කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගය හාලිඇල උඩුවර ප්‍රදේශයෙන් බර වාහන ගමන් කිරීම නතර කළ බව බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති මේජර් සුදර්ශන දෙනිපිටිය මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ අද (10) බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව රැස්වූ අවස්ථාවේදීයි

හාලිඇල උඩුවර මාර්ගයේ ඊයේ (11) සිදු වූ නායයෑමත් සමග සියලුම බර වාහන ගමනා ගමනය සීමා කිරීමට කටයුතු කර තිබුණා

ඒ අනුව, විකල්ප මාර්ග ලෙස ඇටම්පිටිය මාලිගාතැන්න හරහා බණ්ඩාරවෙල මාර්ගය භාවිත කළ හැකියි.

එමෙන්ම, හෙට (11) දින සිට සියලුම දුරගමන් බස් රථ ද මෙම විකල්ප මාර්ගය ඔස්සේ බණ්ඩාරවෙල, බදුල්ල දක්වා ගමන් කළ හැකි බව සඳහන්

මීට අමතරව, බණ්ඩාරවෙල සිට සැහැල්ලු වාහන සඳහා පමණක් මාර්ගය විවෘත කිරීමට ද එහිදී  තීරණය වී තිබෙනවා

Share This