අස්වැසුම දෙවන අදියරට අයදුම්පත් කැඳවීම ජනවාරි මාසයේ

අස්වැසුම දෙවන අදියරට අයදුම්පත් කැඳවීම ජනවාරි මාසයේ

අස්වැසුම දෙවන අදියර සඳහා ජනවාරි මාසයේදී අයදුම්පත් කැඳවීමට අපේක්ෂා කරන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

ඒ අනුව, පළමු අදියර පිළිබඳ පුළුල් සමාලෝචනයක් සිදු කිරීමට රජය කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ

එමෙන්ම පළමු අදියර ක්‍රියාත්මක කිරීමේදී මතු වූ ගැටලු, විවිධ පාර්ශ්ව විසින් ඉදිරිපත් කළ යෝජනා සැලකිල්ලට ගැනීමට නියමිතයි

මීට අමතරව, සුබ සාධන ප්‍රතිලාභීන් සංඛ්‍යාව ලක්ෂ 20ක් දක්වා ඉහළ නංවමින් සුදුසුම කණ්ඩායම ඒ සඳහා තෝරා ගැනීමට අපේක්ෂා කෙරෙන අතර 2024 සඳහා ඒ වෙනුවෙන් රජය රුපියල් බිලියන 205ක මුදලක් වෙන් කර ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා

Share This