යුද්ධය උග්‍ර වෙමින් පවතිනවා – ඊශ්‍රායල අගමැති

යුද්ධය උග්‍ර වෙමින් පවතිනවා – ඊශ්‍රායල අගමැති

ඊශ්‍රායලය ගාසා තීරයට බෝම්බ හෙලීම නව සටන් විරාමයක් සඳහා පවතින ඉඩ අඩුවනු ඇති බව කටාර් අගමැතිවරයා පවසනවා

දෝහා සංසදයේදී අදහස් දක්වමින් කටාර් අගමැති Mohammed bin Abdulrahman bin Jassim Al Thani කියා සිටියේ සටන් විරාමයක් සඳහා දෙපාර්ශ්වයටම බලපෑම් කිරීමට කටාරය සිය උත්සාහය දිගටම කරගෙන යන බවයි.

ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට ඉඩ සැලසූ සතියක සටන් විරාමයක් ගැන සාකච්ඡා කිරීමේදී ගල්ෆ් රාජ්‍යය ප්‍රධාන භූමිකාවක් ඉටු කළ බව විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කරනු ලැබුවා

මේ අතර ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සඳහන් කළේ යුද්ධය උග්‍ර වෙමින් පවතින බවයි.

එමෙන්ම පසුගිය දිනවල හමාස් ත්‍රස්තවාදීන් බොහෝ පිරිසක් යටත් වී ඇති බවත් මෙය හමාස් සංවිධානයේ අවසානයෙහි ආරම්භය බවත් ඔහු පවසනවා

ගාසා තීරයේ මානුෂීය අර්බුදය තවදුරටත් උග්‍ර වෙමින් තිබියදීයි ඊශ්‍රායල අගමැතිවරයා මෙම අදහස් පළ කර තිබෙන්නේ .

ගාසාවේ හමාස් විසින් පවත්වාගෙන යනු ලබන සෞඛ්‍ය ඒජන්සිය පවසන්නේ පලස්තීනුවන් 18,000 කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට මරා දමා ඇති බවයි.

කෙසේවෙතත් හමාස් සන්නද්ධ අංශය දැනුම් දී ඇත්තේ තාවකාලික සටන් විරාමය එහි විශ්වසනීයත්වය ඔප්පු කර ඇති අතර ඊශ්‍රායලය සාකච්ඡාවල නිරත වන තුරු තවත් ප්‍රාණ ඇපකරුවන් නිදහස් නොකරන බවත්ය.

Share This