ලොව ප්‍රසිද්ධ ක්‍රීඩා සන්නාමයක් ඊශ්‍රායල ජාතික පාපන්දු කණ්ඩායමට අනුග්‍රහය දැක්වීම අවසන් කරයි

ලොව ප්‍රසිද්ධ ක්‍රීඩා සන්නාමයක් ඊශ්‍රායල ජාතික පාපන්දු කණ්ඩායමට අනුග්‍රහය දැක්වීම අවසන් කරයි

ලොව ප්‍රසිද්ධ ක්‍රීඩා සන්නාමයක් ඊශ්‍රායල ජාතික පාපන්දු කණ්ඩායමට අනුග්‍රහය දැක්වීම අවසන් කර ඇති බව Financial Times පුවත්පතේ සටහනක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා .

ඊශ්‍රායල පාපන්දු සංගමය සමග ගිවිසුමක් අලුත් නොකිරීමට එම සමාගම ගත් තීරණය මීට වසරකට පෙර ගෙන ඇති බවයි අභ්‍යන්තර සටහනක් සහ නම් නොකළ මූලාශ්‍ර උපුටා දක්වමින් Financial Times පුවත්පත පවසා තිබෙන්නේ

එය යුද ගැටුම් ඉල්ලීම්වලට සම්බන්ධ නොවන තීරණයක් බවත් මූල්‍යමය හේතු මත ගත් තීරණයක් බවත් සඳහන් .

ඒ අනුව මෙම පියවරෙන් පසු ලබන වසරේ ඊශ්‍රායල කණ්ඩායමට අනුග්‍රහය දැක්වූ සන්නාම කට්ටලයක් ලබා නොදෙන බවයි වාර්තා වන්නේ

එම සමාගම සර්බියාව වැනි අනෙකුත් ජාතික කණ්ඩායම් සමගද සිය වැඩ කටයුතු නතර කරන බව ද වාර්තා වී තිබෙනවා

මේ පිළිබඳව ක්‍රීඩා සන්නාම සමාගම තවමත් අදහස් දක්වා නැහැ .

 

Share This